පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවයන් අද (21) දිනයේ ද තුවන දිනටත් ක්‍රියාත්මකවන බව මැලක්ම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසූහ.
එම ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිදරවු කරමින් යුක්තිය ඉටුකරනතුරු අරගලය නොනවත්වන බවද උන්වහන්සේ කීහ.
කළු ඉරිදාවෙන් ආරම්භ කළේ එක් ගමනක් පමණක් බවත්, විවිධාකර ක්‍රියාමාර්ග සහිතව කළු ඉරිදාව දිගටම පවත්වාගෙන යන බවත් කාදිනල්තුමෝ පැවසූහ.
අද (21) ඉරිදා දිනයේ දේවමාතාවන්ගේ මැදිහත්වීම පතා දෙවස්ථානවල ජපමාල ධ්‍යානයක් පැවැත්වීම සිදුකරන බවද උන්වහන්සේ පැවසූහ.