දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය නගරයට ඒකරාශී වූ කාන්තාවන් විශාල පිරිසක් කලු ඇදුම් ඇදගෙන කලු කොඩි ඔසවා ගිණි කබල් හිසේ තබා ගනිමින් 20 දා විරෝධතාවයක නිරත වූයේ යුද සමයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලීමක් කරමිනි.
කිළිනොච්චිය කන්දසාමී කෝවිල අසලින් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය ඒ-9 මාර්ගය ඔස්සේ ගමන් කරමින් කිළිනොව්ච්චියේ මානව හිමිකම් කමිටු කාර්යාලය දක්වා පැමිණියහ.
මෙම විරෝධතාවයට සහභාගී වූ පිරිස ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යැවීම සදහා ලිපියක් කිළිනොච්චියේ මානව හිමිකම් කමිටු කාර්යාලය වෙත බාර දී තිබේ.
ඔවුන් එම ලිපියේ සදහන් කොට ඇත්තේ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන්ම සෙසු මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙසය.