කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 17ක නිරෝධායනය කර ඇති පවුල් 2420ක් සඳහා රුපියල් දස දහස බැගින් වූ සහන මුදල බෙදා දීමේ මුල්ම අදියර අද (04) ආරම්භ වූ බව කළුතර දිස්ත්රික් ලේකම් ප්රසන්න ගිනිගේ පැවසුවේය.
මෙන්ම දිස්ත්රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබා දෙන රුපියල් පනදහස දීමනාව බෙදා දීමට ප්රදේශයේ ග්රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හරහා සිදුවන බවත් ඔවුන් ආධාර ලැබිය යුතු අයගේ නිවෙස්වලට පැමිණ ආධාර ලබා දෙන හෙයින් කිිසම කෙනෙක් එම නිලධාරී කාර්යාල වෙත නොපැමිණෙන ලෙසත් දිස්ත්රික් ලේකම්වරයා දැනුම් දෙන්නේය.
එම ආධාර මුදල වෙනුවෙන් අද උදෑසන වනවිට රුපියල් මිලියන 1310ක් රජය විසින් වෙන් කර ඇති බව දිස්ත්රික් ලේකම්වරයා පැවසීය.
දින දෙකක් හෝ තුනක් ඇතුළත සියලුම සහනාධාර බෙදා අවසන් කරන බව දිස්ත්රික් ලේකම්වරයා කීවේය.