වෙළෙඳපොලේ කහ නෑ කියා ජනතාව මැරුණේ නැති බවත් ප්රශ්නය ඇසූ මාධ්‍යවේදියාට සහ කහ ගෙන්වන ජාවාරම්කාරයන්ට දරාගන්නට බැරි වුණාට මේ රටේ ජනතාවට කහ හිගය දරා ගත හැකි බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා කවුරුන් කෙසේ කෑ ගැසුවද කහ ගෙන්වීමට අවසර නොදෙන බවය.
අඩුවට බඩු තිබෙන බවට අමාත්‍යවරයා කීවද එම භාණ්ඩ කියන මිලට වෙළෙඳපොළේ නැති බව විමසූ කල තරමක් ආවේගශිලී වූ අමාත්‍යවරයා එම මාධ්‍යවේදියා තමන් සමඟ ට සතොසට හො සමුපකාරයට යන ලෙසත් එසේ නැතිව කොන්ත්‍රාත් නොකරන ලෙසත් පවසා එතැනින් නික්ම ගියේය.
අමාත්‍ය ගුණවර්ධන මහතා තවදුරටත් එහිදී සඳහන් කළේ දේශිය ගොවීන්ගේ නිෂ්පාදන හැරෙන්නට කොපමණ කෑ ගැසුවද කහ ගෙන්වීමට ඉඩ ලබා නෙදෙන බවය. යුද්ධ කායේ දී මේ රට් ජනතාව ගාජිරි බජිරි පවා ජීවත් වූ බවත් මේ රට් ජනතාවට එය දරා ගත හැකි බවත් එහිදි තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේය.