දිනසේන රතුගමගේ –
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයින් දෙමළ ජාතික සන්ධානය හරහා හෝ මැතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බව විනයාග මූර්තී මුරලීදරන් හෙවත් කරුණා අම්මාන් අද (03) කිලිනොච්චියේදී පැවැසීය.
පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සුදුසු පුද්ගලයින් මේ වන විට තෝරා අවසන් බව පැවසූ කරුණා අම්මාන් ඔවුන් මෙවර පළාත් සභා මැතිවරණයට තම පක්ෂය වන දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයෙන් හෝ ජාතික පක්ෂයකින් ඉදිරිපත් නොකරණ බව පැවසීය.
ඔහු මේ බව පැවසුවේ කිළිනොච්චියේදී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කරණු ලබන්නේ දෙමළ ජාතික සන්ධානය හරහා දැයි මාධ්‍යවේදීන් කරුණා අම්මාන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය නිර්මාණය කිරීමට තමන් විශාල කැප කිරීමක් කළ නිසා එම පක්ෂයෙන් ඡන්දය ඉල්ලීමේ කිසිම වැරැද්දක් නොමැති බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සියළුම දෙමළ දේශපාලන පක්ෂ සමග යථා කාලයේදී සාකච්ඡා කොට තීරණයකට එළඹෙන බවද කරුණා අම්මාන් කිළිනොච්චියේදී පැවසීය.