විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කාලයේ දී ඔහු විසින් කළැයි කියන අපරාධ පිළිබඳව කරුණාඅම්මාන් විසින් පසුගිය දිනක ප්‍රකාශක් කරන ලදී.
ඒ සම්බන්ධයෙන් එම පරීක්ෂණය වහාම සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.