කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් 130කට ආසන්න පිරිසක් රඳවා සිටින කන්දකාඩු රැඳවුම් කඳවුරු භූමියට මත්ද්‍රව්‍ය ඇතුළු කළ ටෙනිස් බෝල දෙකක් පිටත සිට විසිකර තිබිය දී කඳවුරු භූමියේ ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන වැලිකන්ද පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම එක් ටෙනිස් බෝලයක් තුළ ගංජා සහ අනෙක් ටෙනිස් බෝලය තුළ හෙරොයින් සඟවා තිබී ඇත.
මෙම මත්ද්‍රව්‍ය කඳවුරු භූමිය තුළට ගෙන්වා ගැනීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර කීවේ මෙම මත්ද්‍රව්‍ය සැඟවූ ටෙනිස් බෝල හෙට ( 24) අධිකරණයට ඉදිරිපත් කරන බවය.