ශ්‍රියානි විජේසිංහ –
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ප්‍රතිශක්තිය දුර්වල වූ අය බැවින් ඔවුන්ට කොවිඩ් වෛරසයේ බලපෑම මත සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවත්, ඔවුන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නේ දැඩිසත්කාර පහසුකම් පවතින රෝහලක් බව පෙනෙද්දී කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුර ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරිම අතිශය බරපතල වැරදි සහගත තීන්දුවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
තාක්ෂණික කමිටුවක් මගින් ගත යුතු තීරණයක් තනි පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් ස්වකීය අභිමතය පරිදි ගැනීම නිසා ඇති විය හැකි තත්වය බෙහෙවින්ම භයානක බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා ආරම්භ කළ තාක්ෂණික කමිටුව වහාම රැස්කරන්නැයි ඉල්ල සිටී.
තාක්ෂණික කමිටුව ලබන සදුදාවන විට රැස් නොකළහොත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බවත් ලේකම්වරයා සඳහන් කරයි.