කුවේට සහ කටාර්වල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් වැඩි වශයෙන් කොරෝනා ආසාධිතයන් බවට පත්වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති හෙයින් ඊයේ (25) හවස සිට කුවේට් සහ කටාර්වලට ගුවන් යානා පිටත්වී යෑම තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගත්තේය.
ඒ සමගම කටාර් හි දොහා සිට අද (26) තවත් ශ්‍රි ලාංකිකයන් පිරිසක් රැගෙන පැමිණීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් යානය අවලංගු කිරිමට ද රජය කටයුතු කර ඇත.
මෑත කාලයේ දී කුවේට්, ඩුබායි, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල සිට මෙරටට පැමණි පුද්ගලයන්ට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීම වැඩී ඇති බවත්, ගතවූ දින දීපය තුළ දී රම රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් 72 දෙනෙකුම කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
පසුගිය දින දෙක තුළ හඳුනාගත් කොරෝනා ආසාධිතයන් අතරින් වැඩි දෙනෙක් කුවේට් හා ඩුබායි සිට පැමිණි අය වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අය බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.