නතාෂා නෙත්මිණි –
ලෝකයේ රටවල් කිහිපයක් විසින් භාවිතය තාවකාලිකව අත්හටවීමත් සමග ඔක්ස්ෆර් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විශේෂ සොයාබැලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
මෙම එන්නත ලබා ගත් ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ නෝර්වේ රාජ්‍ය ඇතුළු යුරෝපා රටවල් කීපයක පුද්ගලයින්ගේ රුධිරය කැටිගැසීමේ රෝග ලක්ෂණයක් මතුව ඇති බැවින් එම රටවල එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා ඇති බව සදහන්වේ,
තායිලන්තය මගින් ද මෙම එන්නත ඇනවුම් කිරිම තාවකාලික නතර කරනු ලැබ ඇත.
.කෙසේ නමුත් මෙවැනි තත්ත්වයක් ලංකාව තුල මෙතෙක් උද්ගතව නැතැයි ද රාජ්‍ය ඇමතිවරයා සදහන් කරයි..