(ලලිත් චාමින්ද)
දකුණු පළාතේ ප්රබල පාතාල කල්ලි නායකයකු ගිණි අවි තොගයක් සමග මිටියාගොඩ හරන්ගල ප්රදේශයේ දි ඊයේ (22) රාත්රි අත්අඩංගුවට ගත් බැව් විශේෂ කාර්යබලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 52 හැවිරිදිවියේ පසුවන අයෙකි. මෙහු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරිමේ දි මෙකි පුද්ගලයාගේ නිවසේ තිබි විදේශිය රටක නිෂ්පාදිත පිස්තොලයක්, මිලිමිටර් 09 උණඩයෙදිය හැකි රිවෝල්වරයක්, මිලිමිටර් 09 ජිව උණ්ඩ 02ක් මැගසින් 01ක් විශේෂකාර්යබකායේ නිලධාරින් විසින් සොයාගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගත් ගිණි අවි සමග වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා මිටියාගොඩ පොලිසියට භාරදි ඇත. මිනිමරුම් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසකට මෙකි පුද්ගලයා සම්බන්ද බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
විශේෂකාර්ය බලකායේ විශේෂ මොහයුම් 02ක ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක මනෝහර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු සමග ගිණි අවි අත්අඩංගුවට ගනු ලැබිය.