ජපාන රජයේ ණය පහසුකමක් මත ඉදි කිරීම් ආරම්භ කිරීමට සූදානම්ව තිබියදී අතහැර දැමුණු කඩුවෙල අතුරුගිය සිට කොළඹ දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යළි අරම්භ කිරීමට රජය තීරණය කර ඇත. අද දින (09) රජයේ පුවත්පත්වල මේ පිළිබඳව පළ කර ඇති දැන්වීමක් මඟින් පසුගිය රජයේ කාලයේ සකස් කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සමාලෝචනය කිරීමට, ඇතැම් කරුණු විශෝධනය කිරීමට සහ අලුතින් කරුණු එකතු කිරීමට අදාළ සුදුසුකම් සහිත උපදේශකයන් ගේ සේවය ලබා ගැනීමේ අභිලාෂය ප්‍රකාශ කරන ලෙස මෙම පුවත්පත් දැන්වීමෙන් නිවේදනය කර ඇත.
කලින් බස්නාහිර සංවර්ධන සහ මහනගර සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කෙරන මෙම ව්‍යාපෘතිය මෙම රජය යටතේ මෙහෙයවන රේඛීය අමාත්‍යංශය වන්නේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයයි. මෙම අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ උපදේශන කමිටුවේ සභාපතිවරයා විසින් පළ කරනු ලැබ ඇති මෙම දැන්වීමට අනුව වර්තමාන රජය මෙම ව්‍යාපෘතිය අතුරුගිරියේ සිට වරාය නගරය දක්වා කිලෝ මීටර 32කට සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට අදාළ කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
ජපාන ජයිකා ආධාර වැඩසටහන යටතේ සියයට 0.1 ක වාර්ෂික පොලී අනුපාතිකයක් මත ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 270ක ණය මුදලකින් මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමට ආදළ මූලික කටයුතු ආරම්භ කර තිබියදී වර්තමාන රජය පසුගිය වසරේ ජූනි මාසයේදී ජපානයට දැනුම් දුන්නේ මෙම යෝජිත වයාපෘතිය ඉදිරියට ගෙන යාමට රජයේ අදහසක් නොමැති බවය. මෙම පියවර හේතුවෙන් ජපාන රජයේ නොසතුට පළ කළ අතර එය සමාජ තලයේද ද මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් දැඩි ලෙස කතා බහට ලක් විය.
එසේ වුවද එසේ අත්හැර දැමූ මෙම ව්‍යාපෘතිය යළිත් සංස්කරණයක් සහිතව අරම්භ කිරීමට කටයුතු කර ඇත. මේ සඳහා වැයවන මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය පිළිබඳව රජය නිල ප්‍රකාශයක් සිදු කර නොමැත. මේ වනවිට සමස්ත ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාවක් මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කොට ප්‍රකාශයට පත් කොට ඇති අතර මේ පිළිබඳව මහජන අදහස් එළිදැක්වීම සඳහා ඉදිරිපත් කොට ඇත.
ඇමෙරිකානු ඩොලර් මිලියන 4179ක වැයක් දරමින් රාගම කිරුළපන අතර, කැලණිය මොරටුව අතර සහ මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට හුණුපිටිය දක්වා වූ සැහැල්ලු දුම්රිය මාර්ග තුනක් ඉදිරි කිරීම වෙනුවෙන් මෙම පරිසර ඇගයීම් තක්සේරු වාර්තාව සකස් කොට ඇති අතර රජය විසින් අද පුවත්පත්ව පල කර ඇති දැන්වීමට අනුව කඩුවෙල සහ අතුරුගිරියේ සිට කොළඹ වරාය නගරය දක්වා මෙම සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් වී ඇත.