එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා අතුළු ප්රභලයින් තිදෙනෙක් ඉදිරියේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
එ.ජා.ප ජාතික සංවිධායක නවීන් දිසානායක, අර්ජුණ රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න යන තිදෙනා මෙලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට නියමිත බව ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්මන් එක්සත් ජාතික පක්ෂ ක්රියාකාරිත්වය පිළිබඳ දැඩි කලකිරීමක සිටින ඔවුන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වීමෙන් පසු ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට හැකි ආණ්ඩුවේ වගකීම් කොටසක් පවරා දීමට සැලසුම් කර ඇති බව ද දැනගන්නට ඇත.
මේ සම්බන්ධව අර්ජුණ රණතුංගගේ සමීපතමයෙකුගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් වැඩපිළිවෙළ හා එහි ක්රියාකාරිත්වය පිළිබඳව මෙම කණ්ඩායම දැඩි කලකිරීමකට පත්ව සිටියත් ආණ්ඩුවට එක්වීම පිළිබඳව මෙතෙක් කිසිම අවසන් තීරණයකට එළඹ නැති බවය.