මංගල උත්සව සහ ඇතැම් කාර්යාලවල තවමත් ජනතාව එක්රැස් වී එක ට ආහාර ගන්නා අවස්ථාවකදී කොවිඩ් 19 වෛරසය වැඩියෙන් ව්‍යාප්ත විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ඊයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ විශේෂයෙන් මංගල උත්සව වැනි අවස්ථාවලදී එකට රැස්වී උස් හඬින් කතා බහ කරමින් ආහාර ගන්නා අතර එවැනි විටෙකදී මුව ආවරණ ද නොපළඳින නිසා වේගයෙන් රෝගය තවකෙකුට පැතිරිය හැකි බවය. කෙසේ වුවද මංගල උත්සව අවස්ථාවලට සහභාගී විය හැකි පුද්ගලයන් ගණන වැඩි කරන ලෙස ජනතාව සෞඛ්‍ය අංශවලින් දිගින් දිගටම ඉල්ලීම් කරන බව ද සඳහන් කළ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.ෙ
එවැනි අවස්ථාවලදී ජනතාව ලබා දී ඇති උපදෙස් මත ක්‍රියා කළ යුතු බවද තවත් අවුරුදු දෙකක්වත් අවම වශයෙන් මෙම රෝගය සමඟ ජීවත් වන්නට අපට සිදුවිය හැකි නිසා මේ කැපවීම නොකළහොත් මෙම වෛරසය මෙල්ල කිරීම අසීරු විය හැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.