ලලිත් චාමින්ද –
සංචාරක එංගලන්ත කන්ඩායම රැඳී සිටින ගාල්ල නගරයේ පිහිටි සුපරි හෝටලයක සේවය කරන තවත් සූපවේදියෙකුට කොවිඩ් වෛරසය ආසාදිත බව ඊයේ තහවුරු බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පැවසුවේය.
මෙම සූපවේදියා ඇතුළු රෝහල් සේවකයින් 18 නිරෝධායනය වෙමින් සිටියහ. මිට පෙර මෙම හෝටලයේ සුපවේදින් දෙදෙනෙකුට හා ලොන්ඩ්‍රියේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි තිබිණි.
එම සිද්ධියත් සමග හොටලයේ සේවකයින් 18 දෙනා මෙසේ නිරෝධායනයට ලක් කර සිටියහ. නිරෝධායනය කළ සේවකයින්ට කළ පී.සී.ආර් පරීක්ෂණවලදී මේ සූපවේදියාට කොවිඩ් ආසාදිත බව තහවුරු විය.