ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබීමේ හැකියාවක් පවතින බව යටතේ නිදහස් විය හැකි බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පැසීය.
ඌවතැන්නේ සුමන හිමියන් බන්ධනාගාරගත වී සිටියේත් ජීවිතාන්තය දක්වා බව ඔහු පෙන්වා දුන්නේය.
දුමින්ද සිල්වාගේ නඩුවට අදාළ තීන්දුව ලබාදීමට දේශපාලන බලපෑම එල්ල වූ බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ දුරකථන ඇමතුම්වලින් හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා එහිදී පැවසීය.
දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම වන්නේ මිනීමැරුම් චෝදනාවක් ඔප්පු වීමෙන් වුවත් ඌවතැන්නේ සුමන හිමියන්ට දඬුවම් හිමිවූයේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාවටය. එසේ වුවත් විමල් වීරවංශ ඇමතිවරයා පෙන්වා දෙන්නේ දුමින්ද සිල්වා එම චෝදනාවලට වරදකරු වූයේ දේශපාලන පළිගැනීමක් ලෙසින් බවය.