කීර්ති ප්‍රනාන්දු –
සිය 58වන උපන්දිනය දා බන්ධනාගාරයේ විනය බිඳීමේ චෝදනාව යටතේ රන්ජන් රාමානයක දඬුවම් ලැබීය.
සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමේ වරදට වරද පිළිගත් ඔහුට අද සිට දින 14යන තුරු අමුත්තන් මුණ ගැසීම තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පැවසීය.
අද බන්ධනාගාර විනය ශාලාවේ දී චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර මේ සම්බන්ධව කරුණු විමසීමේ දී රන්ජන් රාමනායක එම වරද පිළිගෙන තිබිණි.
ඒ අනුව බන්ධනාගාර ආඥා පණතේ 70වැනි වගන්තිය අනුව බන්ධනාගාර අධිකාරීවරයා විසින් මෙම දඬුවම පනවා තිබිණි.