දිනසේන රතුගමගේ –
සියළුම දෙමළ දේශපාලන පක්ෂ වලට අයත් නායකයෝ සහ මන්ත්‍රීවරු උතුරේදී සිය නිවෙස් වල හා කාර්යාල තුළ ඊයේ( 27) දා මහවිරු සමරු උළෙල නිමිත්තෙන් පහන් දැල්වූහ.
දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා,චාර්ල්ස් නිර්මලනාදන් සෙල්වම් අඩෙයිකලනාදන් සී.වී.කේ,ශිවඥාණම් ඇතුළු තවත් විශාල පිරිසක්ද තමිල් මක්කල් විඩුතලෙයි කූට්ටනි පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන්,අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු අයද ඔවුන්ගේ නිවෙස් වල හා කාර්යාල වල ගේට්ටු වසා දමා පහන් දල්වමින් මහවුරු දිනය සැමරූහ.
මේ අතර මුලතිව් හා කිළිනොච්චි දිස්ත්‍රික්ක වල නිවෙස් හා පොදු ස්ථාන ගණනාවකද මහවිරු උළෙල සංවිධානය කොට කුඩා කණ්ඩායම් වශයෙන් මහවිරු උළෙල සමරා තිබේ.
උතුරේ එම සෑම දිස්ත්‍රික්කයකම දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර ආරක්ෂක අංශ කණ්ඩායම් වශයෙන් එම ස්ථාන වලට ගොස් නිවෙස් තුළ මහවිරු සැමරුම් සිදු කළ ආකාරය ඡායාරූප හා වීඩියෝ කොට තිබේ.