දිනසේන රතුගමගේ –
බුරවි සුළි සුළග අවසන් වූවත් යාපනයේ ධීවරයින්ට සුපුරුදු පරිදි ධීවර කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බැවින් යාපනයේ ධීවර පවුල් 20000 කට අධික පිරිසක් අසරණ වී සිටින බව යාපනය වඩමරච්චි එක්සත් ධීවර සංගමයේ සභාපති එස්.වර්ණකුලසිංහම් අද ( 6) පැවසීය.
උතුරු මුහුදේ රළු ස්වභාවය තවමත් පහව ගොස් නොමැතිකම සුළි සුළඟට හසු වී ධීවරයින්ගේ යාත්‍රා දැල් ආම්පන්න හා ධීවර වාඩි විනාශ වීම ධීවරයින් තවමත් සුබ සාධන මධ්‍යස්ථාන වල කාලය ගෙවීම යන හේතූන් හා ධීවර කර්මාන්තය සඳහා නාවික හමුදාවෙන් හා ධීවර නිලධාරීන්ගෙන් අවසර නොලැබිම යන හේතූන් මත රැකියාව ආරම්භ කිරීමට නොහැකි බව සභාපතිවරයා පැවසීය.
බුරවි සුළි කුණාටුව නිසා මන්නාරමේ සිට මුලතිව් දක්වා වූ මුහුදු සීමාවේ සියලුම ධීවරයින් පාහේ විපතට පත්ව සිටීම විශාල ප්‍රශ්නයක් නිසා මේ ධීවරයින්ට යම් සහනයක් සැලසීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බව සභාපතිවරයාගේ අදහසයි.
නමුත් තමන්ගේ මේ ප්‍රශ්න විමසීමට හෝ සිදුව ඇති අලාභ හානි සොයා බැලීමට කිසිදු අමාත්‍යවරයෙකු දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු ධීවරයින් සිටින ප්‍රදේශ වලට නොපැමිණි බවටද සභාපතිවරයා චෝදනා කොට සිටියේය.