ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරු වුවත් සුළු ජාතික ඡන්ද ද ලබා ගත හැකි පරිදි වර්තමාන රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ කවුරුත් එක්වී සාර්ථක කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන පකෂ නායකයන් සමඟ පැවැති රැස්වීමේදීය.
එම රැස්වීමේදී ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නැයි නායකයින් කිහිප දෙනකුම ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර “ඊළඟ ජනාධිපතිවරණයේදී ඔබතුමා ඉදිරිපත් නොවන්නේ නම් නම් දැන් සිටම විකල්ප අපේක්ෂකයෙක් තෝරාගෙන ඔහු ජයග්‍රහණය කළ හැකි සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයයි“ බව පක්ෂ නාකයින් කිහිප දෙනකු ම ප්‍රකාශ කර ඇත.
එහිදී තමන් ඊළඟ ජනාධිපතිවරණයට එනවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිළි ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා විසින් දෙනු නොලැබ ඇති අතර ඔහු පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට තමන් ආවත් නාවත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීම සඳහා සියලු දෙනා කැපවී වැඩ කළ යුතු බවය.
මීළඟ ජනාධිපතිවරණයට තව බොහෝ කාලයක් ඇති බවත් එම කාලය තුළ සුළු ජාතික ඡන්ද ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වයන්ගේ සහය ලබා ගත් හැකි වන පරිදි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩිපිළිවෙළට මුල් තැන දී කැප වීමෙන් ක්‍රියා කළ යුතු බවට ඔහු අවධරණය කර ඇති බව ඊට සහභාගී වූ පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.