දිනසේන රතුගමගේ
කැළණිය විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ශිෂ්‍යාවක් ඊයේ ( 10 ) හදිසියේ වැළදුණු අසනීපයක් හේතුවෙන් කොළඹදී මියගොස් තිබේ.
මියගිය අය යදීෂා ශ්‍රීධරන් නැමති විසි හැවිරිදි යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඇයගේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් පවතින බව ඇගේ ඥාතීන් ප්‍රකාශ කොට තිබේ.
කැළණිය විශ්ව විද්‍යාලයේ පලමු වසරේ අධ්‍යයන කටයුතු වල නිරතව සිටින ඇය කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ඥාතී නිවසක සිටියදී අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
තම එකම දියණියට මේ අන්දමින් මියයාමට කිසිදු හේතුවක් නොමැති නිසා මේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය විශ්ව විද්‍යාල සිසුවියගේ දෙමව්පියන් හා ඥාතීන් ඉල්ලීමක් කොට සිටියි.