සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ ( 29) එක් මරණයක් හා කොවිඩ් ආසාදිත පුද්ගලයන් 453ක් වාර්තා කළේය.
මියගිය පුද්ගලයා 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති ඔහු වැල්ලම්පිටියේ පදිංචිකරුවෙකි. මේ සමගම ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් මරණ ප්‍රමාණය 195කි.
සාමාන්‍යයෙන් කාර්තු දෙකකින් වාර්තාවන කොවිඩඩ් ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳ ඊයේ වාර්තා කළේ එක් කාර්තුවක ප්‍රතිඵල පමණි. එහි ප්‍රතිඵල ප්‍රකාරව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 453කි. ඒ අතර බන්ධනාගාර රැඳවියන් 35කි. දැන් කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 38 000 ඉක්මවා ඇත. සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 38343කි.
ඒ පිළිබඳව රජය නිකුත්කළ නිවේදන පහත දැක්වේ.