රජය ඊයේ (21) දිනය තුළ කොවිඩ් මරණ 09ක් වාර්තා කළේය. දැනට දිනකට වාර්තාකළ වැඩිම මරණ ප්රමාණය මෙය ය. මරණ 09න් එක් මරණයක් හැර අනෙක් සෑම මරණයක්ම වාර්තා වන්නේ කොළඹ ආශ්රිතවය. මරණ 05ක් කොළඹ බල ප්රදේශය තුළය. මරණ 03ක් වාර්තා වී ඇත්තේ නිවෙස් වලදීමය
කොළඹ 02 පදිංචි 57 හැවිිරිදි පිරිමි පුද්ගලයෙක්, දෙමටගොඩ ප්රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්රදේශයේ 48 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්රදේශයේ අවුරුදු 72ක් වයස පිරිමි පුද්ගලයෙක්, කොළඹ 13 ප්රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, වැල්ලවත්ත ප්රදේශයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්රදේශයේ 75 හැවිිදි කාන්තාවක්, එම ප්රදේශයේම 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
මේ වනවිට වාර්තාවන මුළු කොවිඩ් මරණ ප්රමාණය 83ක් බව රජය කියන්නේය.