කීර්ති ප්‍රනාන්දු –
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් දීරඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහු ඉස්ලාමීය අන්තවාදී සංවිධානයකට විශාල ලෙස මුදල් වියදම් කර ඇති බවට අනාවරණය කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
මෙම සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. මීට දින කිහිපයකට පෙර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ පොලිසිය මගිනි.
පසුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගනිමින් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය කරගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මෙම සැකකරුට ඩුබායි රාජ්‍යයේ සිට විශාල මුදල් ප්‍රමාණයක් එවා ඇති බවත්, එම මුදල් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන වෙත සැකකරු විසින් බෙදා දී ඇති බවත් ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.