දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය ඉරණතීව් දූපතට කොරෝනා මළ සිරුරු රැගෙන විත් මිහිදන් කිරීමට එරෙහිව දූපත් වැසියන් විසින් ආරම්භ කොට ඇති විරෝධයට උතුරේ තවත් ස්වේච්ඡා සංවිධාන ගණනාවක් 3 දා එකතු වී තිබේ.
උතුරේ එක්සත් ධීවර සංගමය තරුණ සංගමය ධීවර සහයෝගීතා ව්‍යාපාරය කාන්තා ධීවර සංගමය ඇතුළු සංගම් 20 කට වඩා වැඩි ප්රමාණයම් ඉරණතීව් දූපතේ වැසියන්ට සහය පල කොට ඇති අතර ඔවුන්ගේ නියෝජිතයෝ එම දූපත වෙත ගොස් තිබේ.
ඉරණතීව් දූපතේ වැසියෝ පළාතේ ආගමික නායකයින් සමග දූපතට පිවිසෙන ඉරණමාතා නගර් හන්දිය අසල විශාල විරෝධතාවයක් පවත්වා රජයේ මෙම තීරණය වහාම ඉවත් කර ගන්නා ලෙසට ඉල්ලීමක් කොට තිබුණි.
කොරෝනා මළ සිරුරු ඉරණතීව් දූපතේ මිහිදන් කිරීම නිසා එම වැසියන්ට සෞඛ්‍ය ආර්ථික හා සමාජීය මෙන්ම සංස්කෘතික වශයෙන්ද විශාල ගැටලුවක් පැන නගින නිසා ඔවුන් ඒ පිළිබදව මේ වන විට කිළිනොච්චිය මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබේ.