දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සැගවී සිටින පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ.නායකයෙකු සමග දුරකතන සංවාද වල නිරත වෙමින් යළිත් වරක් එම සංවිධානය ව්‍යාප්ත කිරීමට කටයුතු කළ යාපනයේ තරුණයින් පස්දෙනෙකු අද ( 17 ) පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් අත් අඩංගුවට ගත්තේය.
මෙම තරුණයින් පස්දෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ ඉලවාලී හා කෝපායි යන පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ගම්මාන වලිනි.
ත්‍රස්ත මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් හතර දෙනා වවුනියාවට රැගෙන විත් ඇති අතර ඔවුන්ව වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා කොළඹට රැගෙන යාමට නියමිතව තිබේ.