දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සිට අනවසරයෙන් වියලි කහ කිලෝ 800 ක් යාපනයේ අනලතිව් දූපතට රැගෙන ඒම නිසා එම දූපතට 10 දා සිට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට බලධාරීන් තීරණය කොට තිබේ.
වියළි කහ රැගෙන එන ලද පුද්ගලයින් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර එම දූපතේදී ඔවුන් සමග සබදකම් පැවැත්වූ පුද්ගලයින් 39 දෙනෙකු නිරෝධායනය කිරීමටද පියවර ගෙන තිබේ.
සැකකරුවන් තුන් දෙනා කයිටිස් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව දින දාහතරක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයක රදවා තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
මේ පුද්ගලයින් තුන් දෙනා ඉන්දීය ජාතිකයින් සමග සෘජුවම සබදකම් පවත්වා ඇති නිසා අනලතිව් දූපතට තාවකාලිකව සංචරණ සීමා පනවා ඇති අතර නාවික හමුදාව පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් එම දූපතේ නිරීක්ෂණ කටයුතු වල නිරතව සිටිති.