ශ්‍රියානි විජේසිංහ
ඉදිරියේදී ආසාදනය ලක්විය හැකි පුද්ගලයින් සෙවීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි යුද හමුදාපති ශවීන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
ඒ අනුව ඊයේ ( 17) දිනය තුළ බුද්ධි අංශවල මගපෙන්වීම යටතේ තෝරාගත් පුද්ගලයි 200ක් පමණ පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර ඉන් පුද්ගලයින් 60 කට පමණ වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනීමට හැකි වූ බව හෙතෙම පැවසීය.
මේ අනුව විවිධ ප්‍රදේශවලින් ආසාදිතයින් හමුවන බැවින් ඉදිරි සතිය තුළ වෛරසය ආසාදනය වන පිරිස වැඩිවිය හැකි බවත් සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අකුරටම පිළිපදින්නැයිද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දී සිටියි.
අසාදිතයින් කොපමණ සංඛ්‍යාවක් හමු වුවද ඔවුන්ව නිරෝධායනය කිරීමේ හැකියාව ත්‍රිවිධ හමුදාව සතුව පවතින බවත් තමන් තුල නැහැ බැහැ වචන නොමැති බවත් ඔහු පැවසීය.
මේ වන විට ජනාධිපති හා අගමැතිවරයාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ අවශ්‍ය ස්ථානයන් සකස් කරමින් පවතින් බවද හමුදාපතිවරයා අවදාරණය කළේය.
මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේ මෙම කොරෝනා වෛරසය විදේශ රටකින් ආ පුද්ගලයෙකුගෙන් හෝ කණ්ඩායමකින් රටතූලට ඇතුළු වූවාද යන්න පිළිබදව මේ වන විටත් විමර්ෂණ ආරම්භ කර ඇති බවය.
මෙම වෛරසය ඉදිරියේදී හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබදව ලෝකයේ කිසිවෙකුත් තවමත් නොදන්නා බවත් ආසාදිත වූවන්ට පසුකාලීනව කුමන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන්නේද යන්න පිළිබදව හෝ කිසිවෙකුටත් මේ වන විට කිව නොහැකි යැයිද හමුදාපතිවරයා පෞද්ගලික රූපවාහිනිනාලිකාවකට සජීවීව සම්බන්ධවෙමින් සදහන් කළේය.
.