තුෂාරී කළුබෝවිල
ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අවපීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි, සුළං තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
දිවයිනට ඊසාන දෙසින් නැගෙනහිර දේශාංශ 06-16ත්, උතුරු අක්ෂාංශ 83-96ත් අතර මෙම අවපීඩන කලාපය වර්ධනය වෙමින් පවතී.
මේ හේතුවෙන් දිවයිනේ උතුර, ඊසාන, නැගෙනහිර, වයඹ හා මධ්‍යම කඳුකරය ආශ්රිත ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් සිදු වන අතර උතුරු නැගෙනහිර ආශ්රිත මුහුදේ ධීවර හා නාවික කටයුතුවල නිරත වීම දැඩි අවදානම් බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද වැසි, සුළං බලපෑ හැකි අතර කඳුකර ප්‍රදේශවල නායයාම් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ද අවධාරණය කෙරේ.
මෙම තත්ත්වයක් ලබන 22 වැනිදා දක්වා අඩු වැඩි වශයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපානු ඇත.