සටහන – නතාෂා නෙත්මිණි
-
එන්නත් කර්මාන්ත ශාලා දෙකක් පන්නල හා හොරණ හදන්න සැලසුම් කරලා තියනවා…
-
නිශ්පාදනය කරන එන්නත පිට රටවලටත් සැපයීම ඉලක්කයක්
කොවිඩ් මර්දනය සදහා මෙරට ක්‍රියාත්මක කරන එන්නත් වැඩ පිළිවෙල පිළිබදව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝගපාලනකටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි
ප්රශ්නය – ඉන්දියාවන් ප්‍රදානයක් ලෙස පසුගියදා අපට ලැබුණ ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ 5ක ප්‍රමාණය පුද්ගලයින් ලක්ෂ දෙකහමාරක් සඳහා පළමු මාත්‍රාව ලබා දිම ආරභබ වුණා. එහි දෙවන මාත්‍රාව ලබා දෙන්නේ දින කීයකට පසුව ද?.
පිළිතුර – සාමාන්‍යයෙන් පළවෙනි මාත්‍රාව ලබා දී දින 21ට පසුවයි. නමුත් දින 30කින් ලබා දෙන්න පුළුවන් නම් එය වඩාත් හොඳයි
ප්රශ්නය- මෙම එන්නත් ලක්ෂ 5ක ප්‍රමාණය ලබා දීමෙන් පසුව රටේ ඉතිරි ජනගණය සඳහා එන්නත් ලබා දෙන්නේ කවදාද?
පිළිතුර – මේ වන විට ජනාධිපතිවරයා ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 35ක ප්‍රමාණයක් මුදලට ඉල්ලා තිබෙනවා. එම ප්‍රමාණයත් අපිට ඉක්මනින්ම ලැබෙයි. ඒ ලැබුණ වහාම ජනතාවට දීමට බලාපොරොත්තු වෙනවා .
ප්රශ්නය – ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ 20කට ලබා දිය හැකියි. ඒත් රටේ ජනගහනය කෝටි 2යි. ඉතිරි ජනගහනයට එන්නත ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් තියෙනවාද?
පිළිතුර – මේ වන විට චීනයෙන් එන්නත් කිසියම් ප්‍රමාණයක් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතයි ඒ වගේම කොවැක්ස් ආයතනය මගින් රටේ ජනගහනයෙන් සියයකට 20ක ප්‍රතිශතයකට එන්නත ලබා දීමට කැමැත් පළ කර තියෙනවා. සියයට 20ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒත් එක්කම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් “ෆයිසර්” එන්නත මිලියන 2ක ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු යොදා තියෙනවා මේ සියලුම එන්නත් රටේ ජනගහණයෙන් මිලියන 11කට විතරයි ලබා දෙන්න අවශ්‍ය වන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වන්නේ එන්නත ඩෝස් මිලියන 22ක් පමණයි. තවත් රටවල් කීපයක් එන්නත් අපිට ප්‍රදානයන් වශයෙනුත් මුදලටත් දීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ප්රශ්නය – රටේ ජනගහනයෙන් මිලියන 11ට එන්නත ලබා දීමෙන් අනෙක් අය ආසාදිතයින් බවට පත් නොවන බවද ඔබ කියනවද?
පිළිතුර – කොහොමත් මේ එන්නත අවුරුදු 18 ට අඩු අයට, කිරිදෙන මව්වරුන්ට හා ගර්භනී මව්වරුන්ට ලබා දෙන්නේ නැහැ. අපි විතරක් නෙවෙයි ලෝකයේ කිසිම රටක කොවිඩ් එන්නත ඒ අයට තවම ලබා දීමට නිර්දේශ කරලා නැහැ. ඒ නිසා තමයි අපේ ජවගහණයෙන් සියයට 50ට මෙය ලබා දෙන්නේ. කොහොම නමුත් සියයට 50කට වගේ ප්‍රතිශතයකට ලබා දුන්නාම පොකුරු ප්‍රතිශක්තියක් ඇති වෙනවා. එහෙම වෙනකොට මේ රෝගය පාලනය වීමක් වෙනවා.
ප්රශ්නය – මේ එන්නත මගින් ශරීරයේ ඇතිකරන ප්‍රතිශක්තිය කොපමණ කාලයකට පවතිනවාද?
පිළිතුර – දැනට තියෙන තොරතුරුවලට අනුව අවුරුද්දකට මේ එන්නත මගින් රැකවරණය ලැබෙනවා කියලයි කියන්නේ. කොහොම නමුත් මේ වෛරසය ලෝකයට අලුත්. එන්නත වුණත් ඉතා කෙටි කාලයකදී තමයි නිෂ්පාදනය කළේ. ඒ නිසා අවුරුද්දක් පමණ ආරක්ෂාවක් සැලසෙන බවයි කියන්නේ. කොහොම නමුත් මේ වෛරසය හා එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන දෙයක් නිසා නිශ්චිතව යමක් කියන්න පුළුවන් කමක් නැහැ.
ප්රශ්නය – “ෆයිසර්” එන්නතට මෙරටට ෙගනඒමට කටයුතු කරනවා. එය ගෙනවිත් ගබඩා කිරීමේ පහසුකම් තිබෙනවාද?
පිළිතුර – එන්නත් මිලියන දෙකක ප්‍රමාණයක් ගබඩා කිරීමේ පහසුකම් අප සතුව පවතිනවා.
ප්රශ්නය – “ෆයිසර්” එන්නත ලබා දීමට විශේෂිත පුද්ගලයින් කණ්ඩායමක් තෝරාගෙන සිටිනවාද?
පිළිතුර – කොහෙත්ම නැහැ. එන්නත ලංකාවට ආ පසුව ඒ මොහොතේ ලබා දීමට අවශ්‍ය පුද්ගලයින් කවුද කියලා හඳුනාගෙන ඒ අයට දෙනවා. කිසිම වර්ග කිරීමක් හෝ තේරීමක් සිදුවෙන්නේ නැහැ.
ප්රශ්නය – අපේ රට තුල වැක්සීන් නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමුව තිබෙනවා නේද?
පිළිතුර – ඔව් දැනට රුසියාවේන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා රුසියාවේ නිෂ්පාදනය කරන එන්නතක් ලංකාවේ නිෂ්පාදනය කිරීම සදහා. ඒ පිලිබඳව මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් මත චන්න ජයසුමන ඇමතිවරයා රුසියාවේ එන්නත් නිෂ්පාදිත සමාගම සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.
ප්රශ්නය – ලංකාවේ නිෂ්පාදනය කරන එන්නත් වෙනත් රටවල් සඳහා අපනය කිරිමට බලාපොරොත්තු වෙනවාද?
පිළිතුර – අනිවාර්යයෙන්ම. අපි මෙතෙක් කලක් එන්නත් ආනයනය කලා. ඉදිරියට අපිට පුළුවන් වෙයි දකුණු ආසියානු කලාපයට එන්නත් අපනයන කරන්න රටක් බවට පත්වෙන්න
ප්රශ්නය – මේ කර්මාන්තශාලා ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ප්‍රදේශයන්වලද?
පිළිතුර – දැනට තීරණය කරලා තියෙන්නේ පන්නල හා හොරණ ප්‍රදේශවල මේ කර්මාන්තශාලාවන් ඉදිකිරීමටයි.