ලෝක ධනවතුන්ගේ හෝ කලාපීය ධනවතුන්ගේ වාර්ෂික ලැයිස්තුගත කිරීම්වල නම් වෙනස් වන්නේ කලාතුරකිනි. එසේත් නැත්නම් ඒවායෙහි නම් උඩ යට මාරුවෙන්නේ හෝ අලුතින් එකතු වීම සිදුවන්නේ එක්කෝ දිගු කලකට වරකි. නැතිනම් ඉතාම අඩුවෙනි. ලෝකය ඒකාකාරීව ගලායාම ද ඊට එක් හේතුවක් බව කිව හැකිය.
එහෙත් වසරක් පමණ තිස්සේ ලෝකයම ආර්ථික කඩා වැටීමට ලක්වන අවස්ථාවේදී නොසිතූ නොවිරූ ආකාරයේ ව්‍යාපාර, සේවා ඉස්මතු වන්නට විය. ආසියානු ධනවතුන්ගේ ලැයිස්තුවට අලුත් අයකු එක්වූයේ ද එහි ප්රථිඵලයක් ලෙස ය.
ෂොං ෂන්ෂාන්, චීන කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු චීනයේ විශාලතම බීම සමාගම වන නොන්ග්ෆු ස්ප්‍රිං ආරම්භ කර එහි සභාපතිත්වය දරයි. ඔහු චීනයේ ඖෂධ දැවැන්තයා වන ‘වන්ටායි’ හි හිමිකරු ද වේ. 2020 සැප්තැම්බර් වන විට ඔහු චීනයේ ධනවත්ම පුද්ගලයා විය. ඔහු ඉන්දියාවේ මුකේෂ් අම්බානි අභිබවා ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්විය. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඔහු ලොව 11 වන ධනවත්ම පුද්ගලයා බවට පත්විය. ඔහු අද ලෝක ඉතිහාසයේ වේගයෙන්ම ධනවත් වූ පුද්ගලයා බවට පත්ව තිබේ.
ඔහුගේ වටිනාකම ඩොලර් බිලියන 77.8 කි. මේ වසරේදී ඔහුගේ ධනය ඩොලර් බිලියන 7 ක් (ඩොලර් බිලියන 5.1 ක්) ඉහළ ගොස් ඇත. එය ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ චීනයේ ජැක් මා වෙත පිම්මක් පැනීමට උපකාරී විය.
ඔහුගේ එන්නත නිපදවන සමාගමට සහ බෝතල් කළ ජල සමාගමට ස්තූතිවන්ත වන්නට මෙලෙස ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළටම ඒමට හැකියාව ලැබී තිබේ.
“හුදකලා වෘකයා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ෂොං මහතාගේ වෘත්තිය පුවත්පත් කලාව ය. එනම් ඔහු වෘත්තීයෙන් ජනමාධ්‍යවේදියෙකි. බිම්මල් ගොවිතැන සහ සෞඛ්‍ය සේවා දක්වා ඔහුගේ ව්‍යාපාර පුළුල් වී තිබේ.
එන්නත් සාදන්නෙකු වන බීජිං වන්ටායි ජීව විද්‍යාත්මක ඖෂධ නිෂ්පාදන සමාගම් කොටස් අප්‍රේල් මාසයේදී චීන කොටස් වෙළඳපොලේ විකිණීමත් සමග ෂොං ඒවා මිලදී ගත්තේය.
මාස තුනකට පසු ඔහු හොංකොං හි ප්‍රසිද්ධියේ කොටස් අලෙවියට දමා තිබූ බෝතල් කළ ජල සමාගම වන නොන්ග්ෆු ස්ප්‍රිං කොටස් සඳහා ද එයම කළේය.
එහි ප්‍රතිඑලය වූයේ චීනය සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා වූ අලිබබාහි නිර්මාතෘ ජැක් මාට වඩා ඉහළින් ෂොං ධනවත් බවේ ලැයිස්තුවේ ඉහළටම තල්ලු කිරීමය.
එතැන් සිට නොන්ග්ෆු සමාගමේ වසන්තය ඇරඹිණි. හොංකොං හි වටිනකමින් ඉහළ කොටස් ලැයිස්තුගත කිරීම් වලින් එකක් බවට එම සමාගම පත්ව ඇති අතර එහි කොටස් ආරම්භයේ සිටම 155% කින් ඉහළ ගොස් තිබේ.
බීජිං වන්ටායි ජෛව විද්‍යා එන්නත් නිෂ්පාදන සමාගමේ කොටස් 2,000% කට වඩා වැඩි වන අතර එය කොවිඩ් -19 එන්නත නිපදවන ඖෂධ සමාගම් අතර වීම හේතුවයි.
බ්ලූම්බර්ග්ට අනුව, මෙම නාට්‍යයමය නැගීම ෂොං මහතා ආසියාවේ පළමු ස්ථානයට තල්ලු කර ඇති අතර ඉතිහාසයේ වේගවත්ම ධනය එක්රැස් කිරීමකි.
ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඇතුළු වසංගතය අතරතුර ලෝකයේ ධනවත්ම පුද්ගලයින් බොහෝ දෙනෙකුගේ ධනය ඉහළ යන බව දැක තිබේ.
ඉන්දියාවේදී, අම්බානි මහතාගේ ධනය ඩොලර් බිලියන 18.3 සිට ඩොලර් බිලියන 76.9 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වසර මුලදී ෆේස්බුක් සමාගම පැවසුවේ අම්බානි මහතාට අයත් ඉන්දියානු ජංගම අන්තර්ජාල සමාගමක් වන රිලයන්ස් ජියෝ සඳහා ඩොලර් බිලියන 5.7 ක් ආයෝජනය කරන බවයි.
කෙසේ වෙතත්, ජැක් මා සිය අලිබබා අධිරාජ්‍යය චීන නියාමකයින්ගේ පරීක්ෂාවට ලක්වීම නිසා ඔක්තෝම්බර් මාසයේදී ඔහුගේ ධනය ඩොලර් බිලියන 61.7 සිට ඩොලර් බිලියන 51.2 දක්වා පහත වැටී තිබේ.
අලිබබා හි ඒකාධිකාරී හැසිරීම පිළිබඳ විමර්ශනය කෙරෙන අතර එහි අනුබද්ධ ඇන්ට් ගෲප් හි නොවැම්බර් මාසයේදී එහි කොටස් වෙළඳපොල ලැයිස්තුගත කිරීම අවහිර කර ඇත.
චීනයේ නව ප්‍රකෝටිපතියන්ගෙන් වැඩි දෙනෙක් පැමිණෙන්නේ තාක්ෂණ කර්මාන්තයෙනි. එහෙත් හුවායි, ටික්ටොක් සහ වෙචැට් සම්බන්ධයෙන් චීනය සහ එක්සත් ජනපදය අතර ඉහළ යන ආතතීන් ද චීන තාක්ෂණික කොටස්වල තක්සේරු කිරීම් පහත හෙලීමට හේතු වී තිබේ.