ඇස්ට්‍රාසෙනෙකා / ඔක්ස්ෆර්ඩ් COVID-19 එන්නත සහ එය ලබා ගත් පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමත් අතර සම්බන්ධයක් පවතින බවට පර්යේෂණ දෙකකම ප්‍රතිඵල මඟින් යෝජනා වී ඇතැයි එංගලන්ත වෛද්‍ය පර්යේෂණ සඟරාවක් වන නිව් එංග්ලන්ඩ් මෙඩිකල් ජර්නල් සඟරාව පවසයි.
එම පර්යේෂණ වාර්තා දෙකක් ප්‍රකාශයට පත් කරමින් ඔවුන් පවසන්නේ ඔස්ට්‍රියාවේ, ජර්මනියේ සහ නෝර්වේහි ඇස්ට්‍රාසෙනෙකා / ඔක්ස්ෆර්ඩ් COVID-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසු අසාමාන්‍ය ලෙස රුධිර කැටි ගැසීමේ ආබාධයක් ඇති වූ රෝගීන් වාර්තා වී ඇති බවයි.
ජර්මනියේ ග්රීෆ්ස්වෝල්ඩ් හි ප්‍රතිශක්තිකරණ හා රුධිර පාරවිලයන වෛද්‍ය ආයතනයේ පර්යේෂකයන් විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබීමෙන් දින 5 සිට 16 දක්වා අසාමාන්‍ය රුධිර කැටි ගැසීම් හෝ ත්‍රොම්බොසයිටොපීනියා (අඩු පට්ටිකා ප්‍රමාණය) ඇති රෝගීන් 11 දෙනෙක් සම්බන්ධ කර ගැනිණි. රෝගීන් 11 දෙනාගෙන් 9 දෙනෙකු කාන්තාවන් වන අතර, සාමාන්‍ය රෝගීන්ගේ වයස් පරාසය, 22 සිට 49 දක්වා වී ඇත.
එක් රෝගියකුට මාරාන්තික මොළයේ රුධිර වහන තත්ත්වයක් පැවති අතර නව දෙනෙකුට මොළයේ රුධිර කැටි ගැසීම් තත්ත්වයන්ද තිදෙනෙකුට උදරාශ්‍රිත නහරවල රුධිර කැටි ගැසීම් ඇති බව වාර්තා විය.
එයට අමතරව තිදෙනෙකුට පෙණහලු ආශ්රිත රුධිර කැටි ගැසීම් නිසා ඇතිවන පෙණහලු ධමනි සහ හතර දෙනෙකුට වෙනත් රුධිර කැටි ගැසීම් ඇති විය. මාරාන්තික අන්තරාසර්ග රක්තපාතයෙන් පෙළෙන රෝගියාට අමතරව රෝගීන් හය දෙනෙක් මිය ගොස් ඇත.
රෝගීන් පස් දෙනෙකු තුළ අභ්‍යන්තර රුධිර කැටි ගැසීම ව්‍යාප්ත වී ඇති අතර මෙම තත්ත්වය ශරීරයේ විවිධ කොටස් වල රුධිර කැටි ගැසීම් ඇති වන අතර කුඩා රුධිර නාල අවහිර කර තිබුණි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 82 කට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය අප්‍රේල් 7 වන විට යුරෝපයේ දී ලබා දී ඇති බව පර්යේෂකයන් සඳහන් කර ඇති අතර ජර්මනියේ සියලුම එන්නත් වලින් හතරෙන් එකක් සහ ඔස්ට්‍රියාවේ 30% ක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත.
මෙම එන්නත් මගින් ඇති කරන බව කියන රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වන්නේ පෙබරවාරි මස අගදී බව පර්යේෂකයෝ පවසති.
අනෙක් පර්යේෂනය සිදු කර ඇත්තේ කැනඩාවේ හැමිල්ටන් හි මැක්මාස්ටර්ස් සරසවියේ තියඩෝර් වර්කෙන්ටින් නම් වෛද්‍ය ප්ර්යේෂකයා ඇතුළු කණ්ඩායමයි.
විද්‍යාත්මක කරුණු රැසක් සංසන්දනය කරමින් අවසානයේ පර්යේෂකයන් යෝජනා කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනෙකා එනනත සහ රුධිර කැටි ගැසීම් අතර යම් සම්බන්ධයක් පවතින බවයි.
එබැවින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් දින 5 සිට 20 දක්වා රෝගීන්ගේ උදරය හෝ මොළය වැනි අසාමාන්‍ය ස්ථානවල ශිරා හෝ ධමනි රුධිර කැටි ගැසීම් පිළිබඳව සෞඛ්‍ය සේවා සපයන්නන් විමසිලිමත් විය යුතු බව පර්යේෂකයෝ පැවසූහ.