- ගමන් පහසුවට හදිසියේ පාරවල් හදන්නත් කියලා
කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි අර්බුදකාරී පසුබිමක සිටින ශ්‍රි ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීම් කර ඇති ඇමෙරිකාව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ගේ සංචාරය සඳහා මාර්ග ඉදිකිරීම් පවා කඩිනම් කරන ලෙසට ශ්‍රි ලංකාවට බලපෑම් කර ඇතැයි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඊයේ සවස මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරන්නේ විවිධ ඉල්ලීම් කරමින් ඇමෙරිකාවේ ලක්ෂ 90කට ආසන්න ප්‍රමාණයක් කොරෝනා වයිරසයට ගොදුරුව සිටියදී මෙරට තුළ පවා රෝග වයිරසයේ පැතිරීමක් පෙන්වද්දී විශාල කණ්ඩායමක්, පූර්ව සැලසුම් කණ්ඩායමක් සමඟ අවදානමක් පවතින මොහොතක ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ ශ්‍රි ලංකාවේ ජනතාව පිළිබඳ ව පවතින අවංක හැඟීමකින්දැයි චීනය ඇමෙරිකාවෙන් ප්‍රශ්න කරයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු කණ්ඩායම ඊයේ ඉන්දියාවට පැමිණි අතර දිල්ලි නුවරදී පැවැත්වෙන රජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව ඔහු අද සවස ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය. මේ සංචාරය පිළිබඳව තම නොසතුට පළ කරන චීනය ඊයේ සවස මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර එම ප්‍රකාශයෙන් චීනය උත්සාහ ගන්නේ ශ්‍රි ලංකාවට සිදු කරන අතපෙවීම්වලට තම අප්‍රසාදය ප්‍රකාශ කිරීමය.
මෙම ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
පසුගිය 22 වැනිදා ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලෙක්ම්වරයකු වන ඩීන් තොම්සන් විවෘතව චීන ඇමෙරිකා සීතල යුද්ධයක් පිළිබඳව ඇඟවෙන ප්‍රකාශයක් සිදු කර තිබුණා. එහිදී ඔවුන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝගේ ශ්‍රි ලංකා සංචාරය පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ ශ්‍රි ලංකාවට දුෂ්කර වුණත් මෙම් මොහොතේ වැදගත් තීරණ ගන්නට සිදුවනු ඇති බවයි. රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම පවා උල්ලංඝණය කරමින් ඔහු විසින් කරන ලද මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා දැඩි ප්‍රතිචාරයක් ඇමෙරිකාව කෙරෙහි දක්වා තිබුණා.
ශ්‍රි ලංකාව සහ චීනය අතර පවතින්නේ දිගු ඓතිහාසික සම්බන්ධතාවක්.මේ රටවල් දෙකටම තමන්ගේ අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම සම්බන්ධනේ ඥානයක් පවතිනවා. මේ දෙරට අතර සම්බන්ධතාව මෙහෙයවන්නට තුන්වැනි පාර්ශ්වයේ ඒකාධිපතියකු අවශ්‍ය වන්නේ නෑ. ශ්‍රි ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගන්නට පෙර සිට පවා ශ්‍රිලංකාව ඇමෙරිකානු සම්බන්ධතා කඩ කරමින් චීනය සමග රබර් සහල් ගිවිසුමකට එලඹුණා. අද 21 වැනි සියවසේ සිටින අපට තුන්වැනි පාර්ශ්වයේ රටකට පෙර මෙන් බලපෑම් කර රටවල්දෙකක් අතර අනෝන්‍ය සම්බන්ධය කඩන්න බැහැ. ශ්‍රි ලංකාව අද චීනය සමඟ ගෙන යන සුහදතාව පිළිබඳව අප සතුටු වෙනවා. කෙසේ වුවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම හදිසි සංචාරය හරහා චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින අන්තර් සම්බන්ධතාවට යම් අත පෙවීමක් හෝ ඇඟිලිගැසීමක් සිදු කරන්නේ නම් අප දැඩි විරෝධය පළ කරනවා. අප විශ්වාස කරනවා ඇමෙරිකාව ජාත්‍යන්තර ප්‍රජාව කියන දේට මේ මෙහාහොතේ ඇහුම්කන් දෙයි කියා. අපි හිතනවා ඇමෙරිකාව ශ්‍රි ලංකාවේ ජනතාව පිළිබඳව සිතාවි කියා. ඔබට කෙතරම් දුෂ්කර වුණත් මේ මොහොතේ අවශ්‍ය තීරණ ගන්න කියල අපි ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා. අශ්ලීල රාජ්‍ය තාන්ත්‍රික ඇඟිලිගැසීම් සහ බලපෑම් ඇමෙරිකාව විසින් නිවැරදි කරගනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා යයි එම ප්‍රකාශයේ සඳහන් වේ.”