සුළු සේවක පුරප්පාඩු පිරවීම බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායෙන්
රාජ්‍ය ආයතනවල සුළු සේවක පුරප්පාඩු පිරවීමේදී අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ අභිමථය පරිදි එය සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබේ.
ඒ අනුව මින් ඉදිරියට එවැනි පුරප්පාඩු පිරවෙන්නේ මුදල් අමාත්‍යංශය යටතේ අලුතින් ස්ථාපනය කරන ලද බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මඟින් බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබේ.
මීට පෙර රාජ්‍ය ආයතන සඳහා රියදුරන්, කාර්යාල කාර්ය සහයකයන් , මුරකරුවන්, පිරිසිදු කරන්නන් සහ කම්කරුවන් අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ අභිමථය පරිදි තෝරා ගැනීමට ඉඩ ලැබිණි. එසේ වුවද නව රජය මඟින් ස්ථාපනය කරන ලද බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය හරහා රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ වී ඇති අතර එයින් බඳවා ගන්නා පිරිස් මේ අනුව මෙම ආයතනවලට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වුවද උසස් වීම් මඟින් ආදළ පුරප්පාඩු පුරවා ගැනීමට අවස්ථාව දී ඇත්නම් පමණක් ඒ අනුව කටයුතු කළ යුතු බවත්ඒ හැර අලුතින් පුරප්පාඩුවලට බඳවා ගැනීමේදී අදාළ පිරිස් මෙම කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව හරහා බඳවා ගත යුතු බවත් මෙම චක්‍රෙල්ඛයෙන් වැඩිදුරටත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.