නතාෂා නෙත්මිණි –
කිසිම මැති ඇමතිවරයෙකුට සෙත් පිරිත් කීමට හෝ තමා නොයන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කළහ.
කන්න අවශ්‍ය විට කඹරයා තලගොයා කරන මිනිසුන් මේ රටට අවශ්‍ය නොමැති යැයිද ආනනද හිමියන්ගෙන් සාර කළ විමසුමකදී උන්වහන්සේ පැවසූහ.
ගෝඨාභය මහතාට බලයට පත් කර ගත්තේ මේ රට දියුණු කිරීම ට බවත් ඔහු ඒ සōහා කැප වෙනබවත් පෙන්වා දුන් ආනන්ද හිමියෝ ජනාධිපතිරයාට සංඝයා වහන්සේලා පූර්ණ සහායෝගය ලබා දුන්නද ඔහුවටා සිටින කේවට්ටයන් ඒ ගමන ආපස්සට ඇද දැමීමට කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන්හ.
කේවට්ටයන්ගේ බලාපොරොත්තු රට රැකීමට හෝ ජනතාව රැකීමට නොව ඔවුන් රැක ගැනීම පමණක් යැයිද ආනන්ද හිමියෝ සදහන් කළහ