දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේදී වැඩිමල් සහෝදරයෙකු විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියක් නිසා වයස අවුරුදු 7 ක දරුවකු 28 දා යාපනය ශීක්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
එළදෙනෙකු සොරකම් කිරීමේ සිද්ධියක් මත කිළිනොච්චියේ කච්චේරී පාරේ නිවසක ඇති වූ ප්රශ්නයක් මත වැඩිමල් සොහොයුරා විසින් ඔහුගේ බාල සොහොයුරාට පහර දීමෙන් මේ මරණය සිදුව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රගුමාන් දයා නැමති පාසල් සිසුවෙකි.
පහරදීමෙන් තුවාල ලබා සිහිසුන් වූ එම ළමයා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
සිය සොහොයුරාට පහර දුන්නේ යැයි කියන දාහත් හැවිරිදි පුද්ගලයා මේ වන විට ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා කිළිනොච්චිය පොලීසිය පරික්ෂණ ආරම්භ කොට තිබේ.
යාපනය ශීක්ෂණ රෝහල් පොලීසිය හා කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.