මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාව පවත්වාගෙන යන පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව අද උදෑසන දැනගැනීමත් සමග මිනුවන්ගොඩ පොලිසියට සම්බන්ධ හා පසුගිය දින කීපය තුළ පොලිස් ස්ථානය ඇසුරු කළ නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් කොවිඩ් අවදානමකට ලක් වී ඇතැයි වාර්තා වේ.
මෙම ආපනශාලා කරුගේ පුත්‍රයා මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අයෙකි. ඔහුට කොවිඩ් ආසාදනය වී තිබිණි. එසේ තිබිය දී මේ පුද්ගලයා පෙරේදා පී.සී.ආර්. පිරීක්ෂණයට මුහුණ දී ඊයේ සවස් වනතුරු පොලිස් ආපන ශාලාවේ සේවයකර ඇති බව පැවසේ.
ඔහුගේ පී.සී.ආර්. වාර්තාව අද පැමිණ ඇති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගෙන ඇත්තේ ඒ අවස්ථාවේය. පොලිසිය මේ බව දැනගන්නේ ආපනශාලා කරු අද උදෑසන ආපන ශාලාව විවෘත කිරීමට නොපැමිණි නිසා සැක සිතී මහජන සෞඛ්‍ය කාර්යාලයෙන් විමසීමෙන් අනතුරුවය.
අවදානමට මුහුණ දුන් මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන්ට පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.