අසාද් සාලි මීට ස්වල්ප වෙලාවකට පෙර කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත්තේය.
රටේ නීතිය තමන්ට වලංගු නොවන බවත් තමන්ට වලංගු මුස්ලිම් නීතිය බවත් කියන ප්‍රකාශයක් සම්බන්ධව පාර්ශව කීපයක් කරන ලද පැමිණිලි අනුව ඒ සම්බන්ධව අධ්‍යයනය කිරීමට පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පසුගිය 14 වැනිදා පත් කර තිබිණි
මේ ප්‍රකාශය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 13 දා දී පැමිණිලි කීපයක් කර තිබුණි. අසාද් සාලි ගේ එම ප්‍රකාශය රටේ නීතියට පටහැනි බවට එම පැමිණිලිවලින් සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එසේම එම ප්‍රකාශවලින් ආගමික හා ජාතීන් අතර විසංවාදයක් ඇතිවන බවත් එම පැමිණිලිවල සඳහන් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශවරයා කීවේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කී විට ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පැවසුවේ හැකිනම් තමන් අත්අඩංගුවට ගන්නා ලෙසත් අම්පාර මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කරන ලෙස අද්මිරාල්වරයා කළ ප්‍රකාශ සහිත හඬ පට තමන් සතුව ඇති බවත්ය.