අත් අඩංගුවට අසාද් සාලි භාවිත කරමින් සිටි පුද්ගලික වාහනයේ පිටුපස අසුන යට කාපර්ට් එක යට තිබී පිස්තෝලයක් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට හැකි වී තිබේ.
මෙම පිස්තෝලය බලපත්ර සහිත එකක් බව ලියැවිල්ලක් සහිතව අසාද් සාලි විසින් පෙන්නා සිටියත් ගිනි අවිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව විමර්ශන අංශ කියයි
අසාද් සාලි විසින් වාර්ගික සමගිය සහ රටේ නෛතික බලය අභියෝගයට ලක් කරමින් කරන ලද ප්රකාශයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ශව තුනක් විසින් කරන ලද පැමිණිලි මත පදනම්ව විමර්ශන ආරම්භ වී තිබිණි.
ඔහු අද සවස කොල්ලුපිටියේ දී පොලිස් අත් අඩංගුවට පත් විය.