ලලිත් චාමින්ද –
ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනා ක්‍රමය සදහා 2012 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කිසිදු සාමාජිකයෙකු බඳවාගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
එමෙන්ම 2012 වර්ෂය අවසානය වනවිට යෝජනාක්රමයේ සක්‍රිය දායකයින් සංඛ්‍යාව 9.59,254ක් විය. කෙසේවුවද 2012 වර්ෂයෙන් පසු ගොවි විශ්‍රාම වැටුප් යෝජනාක්‍රමයට කිසිදු සාමාජිකයකු දායකකරගෙන නොමැති බවද විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත.
1987 අංක 12 දරන ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනාක්‍රම පනත අනුව වයස අවුරුදු 18ට නොඅඩු වයස අවුරුදු 59ට නොවැඩි ගොවිතැන් කටයුතුවල යෙදෙන ගොවින් වෙනුවෙන් මෙකි යෝජනාක්‍රමය ආරම්භකොට තිබුණි.
ගොවිතැන්කටයුතුවල යෙදෙන ගොවින්හට තම වෘත්තිය කටයුතු කරගෙන යාමට නොහැකිව ස්ථිර අර්ධ දුබලතාවයක් වු විට දිමනාවක් ගෙවිම මරණයකදි මරණ පාරිතෝෂිකයක් ගෙවිම වයස අවුරුදු 60 සම්පුරණ වු විට කාල පරිච්චේද අනුව විශ්‍රාම වැටුපක් ගෙවිම මෙහි අරමුණවිය.