ඉදිිරි පැය 24 තුළ සුළි කුණාටුවක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ගිනිිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්වය අද උදෑසන 5.30ට වනවිට ගැඹුරු පීඩන අවපාතයකයට හැරී ත්‍රි කුණාමලය ගිනිකොණ දෙසින් මීටර 530ක් දුරින් ස්ථාන ගතව තිබිණි.
මෙම පද්ධතිය මඩකලපු හා පේදුරු තුඩුව අතරින් ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ඇතුළු විය හැකි බව දෙපාර්තමේන්තුව කියයි.
මේ තත්වය තුළ අද (01) සිට අනිද්දා (03 ) දක්වා දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර (80-100) පමණ ඉහළ යෑමට ඉඩ ඇති බවත්, මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවත්, මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුළුවන කාලයේ දී මුහුදු රළ. උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යෑමට හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.