අඹන්පොල නගරයේ මත්ස්‍ය වෙළෙන්දන් 2ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමග කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 35ක වාර්තා මීට ස්වල් වෙලාවකට පෙර නිකුත් වූ අතර එම වාර්තා අනුව තවත් ආසාදිතයන් 10 දෙනෙක් වාර්තාවන බව අඹන්පොල ප්රාදේශී්ය සෞඛ්‍ය අංශ ලංකාසරට හෙළි කළේය.
මෙම මාළු වෙළෙන්දන් දෙදනා හමුවීමත් සමග අඹන්පොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ආශ්‍රිතයන් 80ක ගේ නියැදි පී.සී,ආර් පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීය.
ආසාදිතයන් 10 දෙනා හමුවන්නේ ඉන් සාම්පල 35කිනි.
තවත් සාම්පල 45ක වාර්තා නිකුත් වීමට ඇති බව අඹන්පොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේය.