මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට කොවිඩ් වයිරසය ආසාදනය වූ රෝගීන් 13 දෙනෙකු රෝහලේ සිටින අතර මොවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා වෙනම වාට්ටුවක් වෙන් කර ඇතැයි අප කළ විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
කෙසේ නමුත් පිළිකා රෝගීන්ට විශේෂ ප්‍රතිකාරයන් දෙන අතර කොවිඩ් රෝගයද පාලනය කිරිමට සිදුවීම හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යැවීමට නොහැකි බවද ඔහු පැවසීය.
ඉදිරියේදී තවත් රෝගීන් ආසාදිතයන් බවට පත්විය හැකි බැවින් වාට්ටු කීපයක්ම වෙන්කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් එම ප්‍රකාශකයා සඳහන් කළේ අපේක්ෂා රෝහලේ සේවයේ යොදවා ඇත්තේ පිලිකා රෝගීන්ට ප්රතීකාර ලබා දීම සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක් ලද හෙද කාර්ය මණ්ඩලයක් බැවින් ඔවුන් ද ආසාදිතයන් බවට පත්වුවහොත් ගැටලුවක් ඇතිවිය හැකි බවයි.
මේ වන විටත් හෙද කාර්ය මණ්ඩල සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇතැයිද වාර්තාවේ.