සමන්තිකා වීරවර්ධන –
මහරගම අපේක්ෂා රෝහලේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලි බංකරය තුළ (බැකී තෙරපි අංශය) තරුණ හෙදියන් දෙදෙනෙකු සිරකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හෙදියන් දෙදෙනා 17 වෙනිදා සවස් කාලයේ ප්‍රතිකාරසේවා නිමවී පසුදිනට එනම් අද ( 18 ) දිනට නියමිත ප්‍රතිකාර කටයුතු සදහා අදාල අංශය රෝගීන්ට සූදානම් කරමින් සිට ඇති බවත් එහිදී විකිරණ ශිල්පීන් දෙදෙනෙකු එහි පැමිණ අදාල බංකරයට පිටතින් අගුළුදමා විදුලියද විසන්ධි කර පිටව ගොස් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
මෙහිදී හෙදියන් දෙදෙනා දොර විවෘත කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබේ.
අධික විකිරණශීලී තත්ත්වයකට නිරාවරණය වෙමින් අදාල හෙදියන් දෙදෙනා පැයක පමණ කාලයක් සිරවී සිට ඇත. පසුව වෙනත් කටයුක්තක් සඳහා එහි පැමිණි රෝහල් සුළු සේවකයෙකු අදාළ බංකරය විවෘත කිරීමෙන් පසුව හෙදියන්ට එළියට පැමිණීමට හැකිව තිබේ.
පැයකට වැඩි කාලයක් විකිරණද්රව්යවලට නිරාවරණය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක් ඇතිවිය හැකි බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරත් සදහන් කරයි.
අප මේ සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂවරයාව සම්බන්ධ කර ගැනිමට කීපවරක්ම උත්සහ කළද එය ව්‍යර්ථ විය.