මැතිවරණ අපේක්ෂකයන් විසින් ප්‍රසිද්ධියේ සිදු කරනු ලබන නීති විරෝධී වැඩ හැකි නම් ඡායාරූපගත කොට හෝ ජංගම දුරකථනයෙන් වීඩියෝගත කොට සමාජ මාධ්‍ය ජාලවල පළකරන ලෙසත් නැතිනම් 1933 කෂණික ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙසත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔහු මේ බව මාධ්‍යයට පවසා තිබුණේ ඊයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා නීති විරෝධී ආකාරයෙන් ලියාපදිංචි නොකළ අධිබල යතුරු පැදියක හිස්වැසුම් ද නොමැතිව පුත්තලම ප්‍රදේශයේ සිදු කළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු පිළිබඳව කළ විමසුමකදීය.
ඊයේ දිනය තුළ පමණක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ මෙවැනි නීති විරෝධී යතුරුපැදි පළපාලි හතරක් සම්බන්ධයෙන් වාර්තා වූ බවත් පොදුවේ වයඹ පළාතෙන් මෙවැනි යතුරු පැදි රථ පෙළපාලි වාර්තා වූ බවත් ඔහු සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම පුත්තලම පොලිසියට නියෝග කළ බවද මැතිවරණ කොමිෂන් සභාපතිවරයා තවදුරටත් පැවසීය.