ඉස්ලාමීය අන්තවාදීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය වූ මොහොමඩ් රාසි මොහොමඩ් තස්ලීම්ට නිවසක් ඉදිකිරීම සඳහා අරණ පදනම විසින් අරමුදලක් පිහිටුවා තිබේ.
එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ තස්ලීම් මාවනැල්ල ප්‍රතිමා විනාශ කිරීම සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී ඔහු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට සහාය ලබා දී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස 2019 මාර්තු මාසයේදී තව්හීඩ් ජමාද් අන්තවාදී කණ්ඩායම විසින් ඔහුගේ හිසට වෙඩි තබා ඇති නමුත් දිවි ගලවා ගත්තේය.
එසේවුවත් ඔහුගේ මොළයට සිදු වූ තුවාල හේතුවෙන් ඔහුගේ වම් පැත්ත දැන් අප්‍රාණික (අංශබාග) තත්ත්වයට පත්ව තිබේ.
තස්ලීම් මේ වනවිට නවාතැන් හෝ ස්ථාවර ආදායමක් නොමැති දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
එබැවින් ඔහුට නිවසක් තැනීමට උදව් කිරීමට aranya.lk පදනම ඉදිරිපත් විය.
“අන්තවාදීන්ගේ වෙඩි උණ්ඩයකින් සිරුරේ අඩක් අප්‍රාණික වූ මෙම වීරයාගේ ජීවිතයට උදව් කිරීම හා නඟා සිටුවීම අපගේ යුතුකමයි” යනුවෙන් එම පදනම පවසයි.
තස්ලීම් වෙනුවෙන් සහය දීමට කැමති අයකු වෙතොත් පහත ගිණුමට මුදලින් දායක විය හැකිය.
Aranya.lk 121261003366
සම්පත් බැංකු සුපිරි ශාඛාව- ගම්පහ
වැඩිදුර තොරතුරු සඳහා +9470 2 79 79 59 යන අංකය අමතා විස්තර ලබාගත හැක.
විද්‍යුත් තැපෑල – [email protected]