ඉන්දීය විවෘත කරාතේ සහ ජික්කොන්දෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හයක් ගෙන දුන් පරගොඩ ශ්‍රී ගුණරතන කණිෂ්ඨ විද්‍යාලයේ දෙසිදු සමරතුංග, හිරුන් ජයවර්ධන, මලිත මධුෂාන් සහ කේසර බුද්ධිමාල් සිසුදරුවන් සිවු දෙනාගේ ක්‍රීඩා හැකියාවන් වඩාත් සංවර්ධනය කරගනිමින් අධ්‍යාපනය හැදෑරීම සඳහා බටේමුල්ල ජාතික පාසල වෙත යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (20) දින කටයුතු කළේය.
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක දී මේ අවස්ථාව නිල වශයෙන් එම දරුවන් වෙත ප්රදානය කෙරිනි. එහිදී බටේමුල් ජාතික පාසලේ විදුහල්පති ඩබ්ලිව් ඩබ්ලිව් කරුණාසිංහ ද, ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන ද සමඟ සාකච්ඡාකර, දරුවන්ගේ ඉදිරිය සංවර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහනක් එහි දී සකස් කරන ලදී.
මෙහි දී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේ, ඉදිරියේ දී ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට පියවර ගතයුතු බවයි