දිනසේන රතුගමගේ –
තලෙයිමන්නාරමේ දුම්රිය -බස් රථ ගැටුමෙන් තුවාල ලැබූවන් සඳහා අවශ්‍ය ලේ ලබාදීමට විශාල පිරිසක් මන්නාරම රෝහලට පැමිණ සිටි අතර ඔවුහු ඊයේ (17) මධ්‍යම රාත්‍රිය වන තුරුත් රෝහලට අවශ්‍ය ලේ ලබාදීමට පෝලිම්වල රැදී සිටියහ.
මෙම අනතුරෙන් 25 දෙනෙකු තුවාල ලැබීමත් සමගම ඔවුන් අතර සිටි අසාධ්‍ය තත්ත්වයේ රෝගීන්ට ලේ අවශ්‍ය වූවත් රෝහල තුළ එවැනි විශාල ලේ ප්‍රමාණයක් නොතිබීම නිසා ලේ අවශ්‍ය බවට කළ දැණුම් දීමත් සමගම මහමග ගමන් කළ පිරිස් පවා රෝහලට පැමිණ රෝගීන් වෙනුවෙන් ලේ ලබා දීම සිදු කළේය.
මන්නාරම රෝහලට තවත් ලේ අවශ්‍ය නිසා අද( 17 ) උදෑසන සිටද ලේ ලබා ගැනීම සඳහා රෝහලේ ලේ බැංකුවේ පිරිස කටයුතු කරමින් සිටිති.