අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 07ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්, ගම්පහ ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්, රුක්ගහවිල පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙක්, දෙමළගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇත.
එහෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිතයන් 350ක් වාර්තා වී තිබිණි. ඉන් 04 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 79089ක් බව වාර්තා විය.
මේ පිලිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.