සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද ( 27) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් වාර්තා කලේය. කොළඹ 15 ප්‍රදේශයේ 43 හැවිිදි පිරිමි පුද්ගලයෙක්, ගෝනපොල ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබිණි. මේ වනවිට ලංකාව තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 290ක් වාර්තා වී තිබිණි
එමෙන්ම අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 742ක් වාර්තා විය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 56778 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ලංකාවෙන් හමුවුනු සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 60000 ඉක්මවා ගියේය.
මේ සම්බන්ධව රජය විසින් නිකුත් කළ නිවේදන සියල්ල පහත දැක්වේ.